Sunday, July 14, 2013

සලනු ඔබ මුදු දෙපය



පද ගොතමි පද ලිහමි
හිත ඉරුණු තැන් මහමි
මුහුද මෙන් රළ නඟමි
පය හඬට නොසෙල්වෙමි

ගිගිරි නුඹ තව හඬන
කාරණය නොම දනිමි
මුදු පයක වෙළී ගෙන
මහරු දිව සැප විඳින

සෘතුවෙන් සෘතුවට
හිම ගීත නඟන නද
අසා හෙමිහිට වරක්
සලනු ඔබ මුදු දෙපය

ස්වර බිඳී යළි යළිත්
වයනු ඇත මධු තනුව

Picture. - August Rush Movie

No comments:

Post a Comment