Thursday, July 18, 2013

පීත දෑසින් බල බලා



ඔබ සුන්දර ම කවියක් වෙලා
පීත දෑසින් බල බලා
වලා වියනක සැඟවිලා
අඳුරු දවස ම එළි කළා

විඩාබර වී හදකි මුදුතා
දොඩන්නන් අස සුරැකි මුනිවත
දුවන්නන් හති හලන ලෝකෙක
එක තැනක නැවතී බලා හුන්

සෙමින් හද දොර විවර කොට ගෙන
තබා උණුසුම් හාදුවක් මත
සැළමුතු ව උත්ථාන ආලය
පාට ගෙන සැණ මවා දේදුනු

Picture - Willem Haenraets

2 comments:

  1. පලවෙනි පද හතර මාව අවුරුදු තිහක් ආපස්සට අරං ගියා දුවේ.ඇත්තමයි.

    ReplyDelete
  2. ඇය එදත්,අදත්,හෙටත් මගේ දවස පමනක් ලොව මගේ ලෝකයම එලිය කරවයි.ඇය මගේ ඇඹණියය.ඇය මගේ යෙහෙළියය.
    මම ඇය ගැන ලියු එකම කවිය--නුඹට පමනය--නමින් මගේ බ්ලොග් පිටුවේ සිට මා දෙස බලා සිටි.කැමතිනම් බලන්න.රැගෙන නොයනු මැන.ඇය මට අවැසිය.

    ReplyDelete