Wednesday, July 31, 2013

කිසිවක්ද මේ ජීවිතය?

Image found on the web

අවදි ව උදෑසන තුන හමාරට
උයාගෙන බැඳ බත් මුල් තුන හතර
යුද්ධයක් වගේ ඇරඹුම ම
අඩ නින්දෙනි මා මුළු රැය ම

හයේ බසයට දුව
වැරදුණොත් මරණයක් සේ බය
අට හමාරට ඔෆීසියට
සියුම් තැති ගැන්මක් සමඟ
එතැන් සිට වගවීම්, වගකීම්
පහ හමාරට අහවර ව
නුගේගොඩ හන්දියට දිව යෑම
තෙරපෙමින් දහක් මිනිසුන් අතර
දහදිය කඳුළු විඩාවන් අතර
පැය තුනක් හිටගෙන ම
රෑ නමයට අසිහියෙන් ගෙදරට

එතැන් සිට කෑම, නෑම, ඉවීම
රෙදි සේදීම, ඇහිරීම
උදෑසන බෑගය සැකසීම
සාරිය මැදීම, පොට නැවීම
ගැලපෙන ආයිත්තමක් බලා ළඟ තැබීම
එකොළහත් පහුවෙලා ඉතින් දැන්
සිහිනෙන් දකිනු වස් ජීවිතය
ගරා වැටෙමි ඇඳට

අප්‍රියජනක රමණයක් හැර
අන් කිසිවක්ද මේ ජීවිතය???

Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

3 comments:

  1. අප්‍රියජනක රමණයකින් ඉපදෙන අපි වෙන කුමක් කරමුද..

    ReplyDelete
  2. ඇතුලතත් ගැටළුය.පිට ඊට වඩා ගැටළුය.

    ReplyDelete