Monday, April 17, 2017

කිරි සුවඳ දැනෙන්නට ඇතිද?

යුද හමුදාවට අනුව මේවනවිට සොයාගනු ලැබ ඇති මරණකරුවන්ගෙන් පස් දෙනකු දරුවන්ය. (http://www.bbc.com/sinhala/sri-lanka-39607662)

අම්මා කියා කෑ ගැසෙන්නට ඇතිද
එක් වරම බිය දැනී කට ඇදවෙන්න ඇතිද
හුස්ම ගන්නත් පෙර හුස්ම වැළලෙන්න ඇතිද
අම්මගේ පපුතුර නැතිව ඈතට ඇදෙන්නට ඇතිද

පහර වැද විසි වෙන කොට තාත්තා සොයන්නට ඇතිද
කුණුවලින් මුව වැහෙන කොට කිරි සුවඳ දැනෙන්නට ඇතිද
ඉකියෙන් පපුව හිර කොට කොතරම් රිදෙන්නට ඇතිද
අඬන්නටවත් නොහැකි ලෙස මුව වැසෙන්නට ඇතිද

අම්මගේ පපුතුර නැතිව ඈතට ඇදෙන්නට ඇතිද
කිරි සුවඳ දැනෙන්නට ඇතිද?

2 comments:

  1. අමා මේ කවිය පපුවට උල් පිහියකින් අනිනව වගේ තද වේදනාවක් ගේනවා

    ReplyDelete
  2. අපි හැමෝම අඩු වැඩි වශයෙන් වරදකාරයෝ කරපු ඛේදවාචකය.

    ReplyDelete