Wednesday, March 15, 2017
දෑසින් සිනාසෙන අසිරියම කවියකි
කුඩා මොළකැටි අත් දෙකින්
මුළු මහත් විශ්වය දරාගෙන සිටින්නාක් මෙන්
ඔබ දහවල් කාලය දරා ගෙන සිටියි
කල්පනාබරිත දෑසින් පෙර මඟ බලනු මිස ඔබ
කිසිදු හැඬුමක් නොම හඬයි
වේදනා දරාගෙන හිනා වෙන හැටි ඔබ
කවුරුන් ඉගැන්වූ පාඩමක්ද එය ඔබට
වේදනාව ගැන උගන්වන්නට බියෙන් පසු වන විට මම
තනිවම ඉගෙනගත්තෙහිද එය ඔබ
පැය අටක කාලයක් රස්සාවට
පැය හයක කාලයක් මහ මඟට
පැය එකක් දෙකක් ඔබට පමණදැයි කිසි කලක අසනු බැරි විට
සියල්ල දැන හඳුනා ගත් විලාසයෙන් ඔබ
දෑසින් සිනාසෙන අසිරියම කවියකි පුත
Picture - Anna Bilinska-Bohdanowiczowa, Ukrainian, 1857 - 1893, At the Seashore
Labels:
Arya Abises
Subscribe to:
Post Comments (Atom)
like
ReplyDeleteThank you..
Deleteඅපූරුයි!
ReplyDeleteස්තූතියි!!!!
Deleteදාරක ප්‍රේමය නම් සම්,මස්, ඇට සහ නහර විනිවිද ගොස් සකල ශරීරය පුරාම සදාකල් රැඳී පවතින බැව් වසර දෙදහස් හයසියයකට පමණ පෙර පැවසූයේ සුදොවුන් රජතෙමේය. ඒ වනාහී අදටද පරම සත්‍යයක් වන්නාවූ සනාතන ධර්මතාවයකි.
ReplyDelete