Friday, February 3, 2017

හොවාගෙන ඔබ මා දෑත් මත



මොනතරං ලස්සනද
ඔබ මා දෑත් මත තබා ගෙන
සුළඟට හිස නවන ඔසවන
තුරැලතා දෙස බලා උන්
කාලය

ඔබ පිරිපුන්ව මඳ මඳ
පායා එන හැටි සඳක් මෙන්
දකින්නට ඕනෑ විය මට
ඔබෙ කුඩා අත් පා
සෙලවූයේ කොතරම් අලංකාරයකටද
ඔබේ මිණි කැට ඇස්
පෑදි දිය මෙන් උරා දෙන තුරැ දසුන්
ඉවසිල්ලක් තිබුණිද මා හට

"කෝ අපෙ තූති මැණික
කොහේ ගිහින්ද
හුඟ වෙලාවකින් දැක්කෙත් නෑ
සෙල්ලම් කරන්නවත් ගියාද...
ආ... මේ ඉන්නෙ මෙතනම"
ඔබ සිනා ගැන් වූ හැටි
මතක තියේවිද කිසි දින

මැති ඇමැතියන් ළඟ
විස්තර කරන කල නීතිය
රස කැවිලි පාර්සලයක් අත තබන කල
මට ඕනෑ ස්ටාෆ් එක කියන කල
මෙහෙවර හිස තබා ගෙන
මුළු දවසම වෙහෙසෙන කල
පුතේ මට මතක් වෙයි ඔබ
ඇයි මේ තරං අකුරැ ඇද නීති පොත්වල

අනේ මට ජීවිතය කාලෙම
හොවාගෙන ඔබ මා දෑත් මත
සදාකාලිකව ඉන්ට ඇත්නම්
මහා ඉකියකි මගේ හිත මත

2 comments:

  1. ප්‍රසූත නිවාඩු අහවරව වැඩට එන අම්මලාගෙ කඳුළු, සාංකාවන් මං නොයෙක්වර දැකල තියෙනවා. දරු සෙනෙහස කියන්නෙ මහ පුදුමාකාර බැඳීමක්.... ප්‍රහර්ෂයක්...
    ඒ වගේම වේදනාවක්...

    ReplyDelete