Monday, February 27, 2017

සංසාරයේ පිරී ඇති දුක


සංසාරයේ පිරී ඇති දුක
කොතරම්ද, ඇතිද එහි නිමාවක්
අහිමි වීමේ බිය, අත අත් හැරීමේ දුක
සොයා ගත හැකිද මිනුමක්, මිනිය හැකි විලස එය

දරුවෙකුගේ අත අත හැරී අම්මා කෙනෙකු හඬන හැඬුමක්
මව අත අත හැරී බිළිඳෙකු හඬන හැඬුමක්
පෙමට පෙම මඟ හැරී වා තල දවන සුසුමක්
කවරක්ද ඒකකය, සංසාර දුක මනිත හැකි මිනුමක්

නැති වීම පිළිබඳ දුකටත් වඩා ඇති වීම පිළිබඳ දුක දැනෙයි
වැළඳ ගත් පසු ප්‍රේමයක් ඉන් මිදිය හැකි මඟ ළඟ නොවෙයි
පෙති විසිරි කල කුසුමක් විකසිතව යළි පණ නොලයි
මිතුර මෙය වැළපීමටත් දුක අත හැරීමටත් කාලයයි

Picture - Danielle Richard, Canadian, Artist's Web Site, Avec le temps

4 comments:

  1. තිතක් ඇති මුත් නිමක් වේවිද
    ඉඩක් ඇති තිත තිතක් වූ තැන
    ඉරක් ඇන්දත් ඒත් තිත් මය
    ඉඩක් නැති තිත් දෙකක් අතරට

    ඉමක් නැති සිතුවමක
    කොටු ගසා කොටු කරන දුක
    නිමක් නැති දිය වැලක
    අගක් සයුරක් හොයන දුක
    වෙරල වැලි කැට ගණින
    අහස තරු බිඳු ගණින
    නිමක් නැති සසර දුක

    ReplyDelete
  2. අැත්තටම මේ අතහැරීමට කාලයයි....ලස්සනයි.යථාර්ථවාදීයි
    හුග කාලෙකින් කදු දැක්කෙ

    ReplyDelete