Thursday, February 9, 2017

දුකට අඳුරෙහි ගිලෙනවද


ඔබ අහසක් කියා මට කියනවද
බිමට සඳ දිය එවනවද
අඳුර ගලනා මැදියමේ
කවියක් වගේ ගැයෙනවද

සැලෙන දෙලවන් අතර සිරවෙන
සහසක් වදන් තියෙනවද
තුඟු තුමුල ගිරි හිසක වැළපෙන
තිමිර පලවා හරිනවද

වෙන්ව යන්නට මොහොතකට පෙර
එකම වදනක් කියනවද
අත නෑර ළඟ හිඳින්නට බැරි
දුකට අඳුරෙහි ගිලෙනවද

8 comments:

  1. මිලින වන්නට පෙර මලක
    සුවඳ විඳ තියෙනව ද
    පර මලක සුවඳ යැයි
    කොයි ලෙසින්වත් හිතෙනව ද?

    ReplyDelete
    Replies
    1. මම පණිවිඩයක් තිබ්බා.. දකින්නට නැති නිසා දැන් නිතර..

      Delete
  2. අදයි මේ පැත්තට ආවේ. ලස්සන කවි ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ඉංග්‍රීසි නොවූ ඉංග්‍රීසි රෝගියා!
    කඳු ආයෙත් කවි රස විඳින්න ඇරුණු එකට හරි සතුටු!

    ReplyDelete