Monday, September 14, 2015
සමාවෙනු මැන සකිසඳ; මගේ ආදර පළමු කාරය
එම්බා යෞවනය
වසන්තෝදයෙන් විකසිතව ඔබ
ඔසවා මා ගෙන ගියේය කඳුකරයට
තද නිලැති කියුඹු වැල් ගසා යද්දී සුළඟට
මේ ලොව මිහිරිම වචන
ගායනා කළෙමු අපි දෙදෙන
පණ'කුරුවලින් පිරී ඔබ සිටියෙහිය මඳහසින්
කඩවසම් ගත කුල්මත් කළේය මා සිත
කඳුකරයේ ඇතැම් රාත්‍රීන්හි
ඔබ උර මත නිදා නයනාභිරමණී අහසට කතාකළෙමු අපි
ලිස්සා යන තරුවලට ඇමතීමු මහ හඬින්
අප්‍රාණවාචික බවක් නම් හඟවා නැත කිසි දිනෙක ඔබ මට
මා සිටියේ ඔබ උර වැළඳගෙන එවන් විට
වැහි අඳුරැති අද හවස
සයොනාරා කීමට
පැකිළෙන්නෙ හිත
ඔබ අතැර යනවාට
සමාවෙනු මැන සකිසඳ
Labels:
302-2084
Subscribe to:
Post Comments (Atom)
හරිම පුදුමයි. කාර් එකක් විකුණන හැම වෙලාවකම මටත් ඔහොම හිතෙනවා.
ReplyDelete☺️ වාහනයක් තියෙන කොට වෙලාවක් බලන් නැතිව ඕන ලස්සන තැනකට යන්න පුළුවනිනෙ ලේසියෙන්.. කාලයක් යනකොට අජීවී දෙයක් වුණත් මිත්‍රයෙක් වගේ වෙනවා..
Delete