Tuesday, February 17, 2015

එවන් විට ඔබේ හද නිතොර රළ නඟන මහා කවි සයුරකැයි



ලියා ඇත්තේ ඔබ කවියක් නම්
තව කුමට පාඩම්
තෙමෙන්නට ඔබ රිසි නම්
වසිනු ඇත මෝසම්
ගලනු ඇත ගංගා
නැඟෙනු ඇත දේදුනු
වැයෙනු ඇත වස්දඬු
මව මවා රස කවිකම්

වඩා අවැසි ඔබ
ඔබේ හද පහන් එළියක් කෙරුමය
අන්ධකාරය තුළ වුව
දැල්වෙනු ඇත සිසිලසින් හෙබි
හැඩයක් නොමැති මහත් විශ්වයක්ව
නැඟී සිටිනු ඇත ඔබ
කාලයට අවනත නොමව

එවන් විට ඔබ හද තරම්
කවියක් නොමැත්තෙය ලොව

ගලන්නට ඉඩ දෙන්න කඳුළු
ගොඩ ගැහෙන්නට ඉඩ නොදෙන්න කඳු මෙන්
එවන් විට ඔබේ හද නිතොර රළ නඟන
මහා කවි සයුරක් නොවේ යැයි කියන්නට හැකි කවරෙකුටද

Picture - Timothy C.Tyler

4 comments:

  1. මගේ හද කවි ගංගාවක්
    එකදු ජල බිදක් හෝ නැති

    ReplyDelete
    Replies
    1. සුළං ගංගාවක් මෙන්
      එනමුත් ගලා යා හැකි

      Delete
  2. ඇත්තටම සොඳුරු නිර්මාණයක්

    ReplyDelete