
හදිසියෙම
පුදුම වීමි මම
එහෙත් සියල්ල නිසලව තිබිණ
රිදුම් දෙමින් තිබිණ
සිරුර හැම සෛලයක්ම
ඉදිකටු ඇමිණ ඇත්තා සේ
ළය මැදින් ගලා යමින් තිබුණි ලෝ දිය
මට ඇසීමට තිබුණි පැනයක්
මන්ද නිවැරදි මිනිසුන් බයින් මෙතරම්
මන්ද නිවැරදි මිනිසුන් පිළිස්සෙමින් අප්රමාණිකව
කිසිත් නොවදාළහ උන්වහන්සේ
අප්‍රමාණව සැනසීමට වුණෙමි මම එහෙත්
යම් දිනෙක පිළිස්සීමද ජයගත්
මිනිසෙකු සිට ඇති බව දත් නියාවෙන්
මෝහය නිසා විය හැක
සදොස් අය සතුටින්
ධ්‍යාන දුර නිසා විය හැක
නිදොස් අය හිසරදය දරා ගත්
දුක්ඛදායි රාත්‍රීන් සමඟින්
Picture - Elvira Amrhein
සිරුර හැම සෛලයක්ම
ReplyDeleteඉදිකටු ඇමිණ ඇත්තා සේ
කෙහෙන්ද බං මේ වචන එන්නේ?
කවි හැම එකක්ම ලස්සනයි
ජය!
අගෙයි................
ReplyDeleteතුති!!
Deleteලස්සනයි ඔයාගේ හැම කවියක්ම
ReplyDeleteබොහොම ස්තූතියි ඔමා!
Deleteමෙච්චර කාලෙකට මේ බ්ලොග් එක නොදැක්කෙ කොහොමද කියල පුදුමයි.
ReplyDeleteකවියක රස දැනෙන්නේ මේ වගේ කවියකින් විතරයි,
අනර්ඝයි!
ස්තූතියි!!!
Delete