
* බසයේ ගෙදර යන අතරත් එන අතරත් අප්‍රමාණ හිංසනයට ලක්වීමි.
ප්‍රේමයට පාටක් තියෙනවද
කවුරු හෝ කියනවද
විසි කර දමන්නට බැරිද
සියලු බිම් බෝම්බයන් අක්‍රියව යනු පිණිස
විස නසන සයුරක්
දරන්නට බැරි තරං තෙරපුමක්
අත කඩා දමන්නට හදන විට
උකුළත් ඉණත් ප්‍රවේසම් කර ගනිමි
බසයේ කවුළුවෙන් විසි කර
තරුණයන් කියන්නේ
මේ සා ජුගුප්සාජනක කරුණක්ද
නොවිමසමි, කුමටද
අහස් මඩක්කුවකින් වැසූ
පිඟානක්ද පොළොව
පියාපත් ගෙන ඉගිලෙන්න
හිතන්නටවත් බැරිද
කවුළුවෙන් එපිට
මිහිදුම නඟින කඳුය
එහෙත් මගෙ හිත උනන හැම 'කුරම
මගේ ඉණ මතය
එකිනෙකා අතර ඉපිලෙන
විසල් සැකයකි, අපුල පුසුඹකි
සිතිවිලි රෝස මල් වෙන්නෙ කොහොමද
ළයම සූරති
සැමියෙකුද පියෙකුද පෙම්වතෙකුද දරුවෙකුද
කිසිවෙකුගේ
සුසුම් සුළඟහු විමසති
දෙවියනි මිනික්බිති
අමතක නොකර අසිහිව
තටු දෙනු මැනවි
මණිපතට අවසර!
Picture - Rhads
No comments:
Post a Comment