Tuesday, February 17, 2015

ලොව සියලු හොඳ දේ - කෑදරයන්ටය පුරුදු සේ



ව්‍යසනකාරී වේදනාවකි
පොරබදන හිත මත
වෘකයෙකු හා පොරබදන්නා සේ
හුදෙකලා හිම ගොනුවක

අහිමි වීම හිමි සේ
ඉවසා වදාළ හැක
අන් අයට හිමි වී අහිමි වීමත් හැකිද එලෙසින්
වේදනාවකි, තැලීමකි,
කුඩා දරුවෙකුගේ හැඟීමකි
රහසක්ව තබාගත යුතු
කිසිවකුට නොකියා මැනවින්

ලොව සියලු හොඳ දේ
කෑදරයන්ටය පුරුදු සේ
දෙවියන් බුදුන් නැත
රාත්‍රී කාලයන් දිවා කාලයන් නැත
ඔබට වටහා ගත හැකි නම් සුහදේ

Picture - Stanhope Alexander Forbes R.A., Irish-born British Artist (1857 - 1947)

4 comments:

  1. පොරකන විටත්
    බෙදා-හදා ගතයුතු
    නොමැත්තකට...

    දැනෙන්නේ වේදනාවකි
    පපුවෙන් අදින කටුවෙක!

    සැබවින්ම එය
    කෑදරකමෙක !!

    ReplyDelete