
අම්මා දැන් තනිවම
දෝණියට කවි කරගන්න බැරි වුණු
කදෝකිමියක දුක අසනවාවත්ද
තනිවම කතා කරනවා ඇතිද
පල්ලම් බසින සඳෙළියට
දොළක දිය අසනවා ඇතිද
අසල වෙල් යාය මත විසිරෙන
ලිප නිවා එන කලෙක ගෙතුළට
සුළඟක් එවනවා ඇතිද කොළඹට
මා වටා කඳුකර මල් සුවඳ අරගෙන
රඟන්නේ ඒ සුළඟය
Picture - Frederick Hendrik Kaemmerer (1839-1902)
දුවනියකෙග් පාපොච්චාරණයක්
ReplyDeleteගුළිගැහෙන යලි යලිදු විසිරෙන,
ReplyDeleteමිහිදුමින සැදි සළු මෑත්කොට,
සඳවතිය මුහුණතෙහි ලියනෙමි,
ඔබ දකිනුවස් හනික එන්නෙමි.
පිළිතුරක් වගේ එකක් ලිව්වා. මේ කවිය මාව ඒකට පෙළඹෙව්වා...
ReplyDeleteඔයාගේ කවිය හරිම ලස්සනයි. මට නමින් comments දාන්න බැහැ.. අදාළ තැනට එනකොට ඉබේම sign out වෙනවා.. ඔව්, ඔයාගෙ කවිය හරිම ලස්සනයි.. ශෝකීයි..
Deleteපුතෙකුගේ වෙන්වීම ගැන රන්සිරිමල් ප්රනාන්දු මහත්මයා රචනා කර මානෙල් ප්රනාන්දු මහත්මිය ගායනා කරන සින්දුවක් තියෙනවා.. ඒකත් හොයාගෙන අහන්නකෝ..
අත් හැරීම තමයි හැමදේම මිහිරි සැනසීම
ස්තුතියි.
Deleteඇනෝනිමස් විදියට කොමෙන්ටු දාන්න පුළුවන්. ( නමින් ලොග් නොවී) කැමති දෙයක් කියන්න. ඒ ශෝකය මගේ හිතේ ගොඩක් කාලයක් දෝංකාර දෙයි. පුතෙක් කියන්නේ රූස්ස ගහක්, දුවක් කියන්නේ පහනක්. ඒ දෙකම එක වගේ නැතිවුණු දාට....