Monday, February 9, 2015

කුඩා ගල් කැට පවා දිය යට



පව් රාශි අරක්ගත්
කඳුකර සිලිලාරයක ගිලී
අසනු මැන එකදු ස්වරයක්
උරා ගත හැකිද ගලකට

වනයට ඇබ්බැහිව උමතුව
දකින සඳ පුරසඳ සොඳුර
කුඩා ගල් කැට පවා දිය යට
විසි කරයි ස්වර නුඹ නමට

Picture - Albert Blaetter

2 comments:

  1. ලස්සනයි...
    (ඊට වඩා දෙයක් දන්නවැයි කියන්න හිහි)

    ReplyDelete