
පෙම්වතාගේ දුහුල් කමිසය
කඳු ඉස
ගිම්හාන සන්ධ්‍යාවක ඈ කදෝකිමි ඇස්
කොයි දෙසට ගසා යා දැයි
කාට නම් කියන්නට හැකිද
එක් වන් චිත්‍රයක් මෙන්
අවුල් වූ හිසකෙස ගෙන
මැදියම් රැයෙහි වැළපෙන
කඳු අතකි සඳ මුදුව පළඳන
කොබෙයියෙක් රැයෙහි අවදිව
විලාප නඟන සඳ ඉකි බිඳ
අවදි වූ ගඟුලක් විසි කරයි
සප්ත ස්වරය මුසු කොට
ඉතින් මං අහන්නේ සකිසඳ
සඤ්ඤකයක් එකතු වූ පමණින්
වද මලක් කියන්නේ රිදුමක්ද
සිය සුරත් දෙකොපුල් විලි රුදා දෙවන විඳුමක්ද?
Picture - Stive Henderson
No comments:
Post a Comment