
ධ්‍රැපද් ගීයක අග වැළපෙන
එකින් එක තත් බිඳ දමන රෞද්‍ර
රුද්‍රා වීණාවක්ද ඔබ හිත
හිම දැරූ කඳු හිස් දියව යයි
අසා තත් අතර වැළපෙනා ගීතය
ගිනි කන්දක පවා හදවත
මිදී යයි යළි අවදි නොවනා ලෙස
චූල චුම්භනයක්ද උල්පත
ඉරි තලන කල ළය මැද
සීතල පවා ඉදිකටු
පොරෝනාවක් නොවෙද සකිසඳ
එකින් එක අකුරු ගලවා
බෑවුමට විසි කළ
භීම්පලාශ්‍රී රාගයකි
ඉකි ගසා හඬන මැදියම!
Picture - Ernesto Arrisueno
No comments:
Post a Comment