
ලියා ඇත්තේ ඔබ කවියක් නම්
තව කුමට පාඩම්
තෙමෙන්නට ඔබ රිසි නම්
වසිනු ඇත මෝසම්
ගලනු ඇත ගංගා
නැඟෙනු ඇත දේදුනු
වැයෙනු ඇත වස්දඬු
මව මවා රස කවිකම්
වඩා අවැසි ඔබ
ඔබේ හද පහන් එළියක් කෙරුමය
අන්ධකාරය තුළ වුව
දැල්වෙනු ඇත සිසිලසින් හෙබි
හැඩයක් නොමැති මහත් විශ්වයක්ව
නැඟී සිටිනු ඇත ඔබ
කාලයට අවනත නොමව
එවන් විට ඔබ හද තරම්
කවියක් නොමැත්තෙය ලොව
ගලන්නට ඉඩ දෙන්න කඳුළු
ගොඩ ගැහෙන්නට ඉඩ නොදෙන්න කඳු මෙන්
එවන් විට ඔබේ හද නිතොර රළ නඟන
මහා කවි සයුරක් නොවේ යැයි කියන්නට හැකි කවරෙකුටද
Picture - Timothy C.Tyler
මගේ හද කවි ගංගාවක්
ReplyDeleteඑකදු ජල බිදක් හෝ නැති
සුළං ගංගාවක් මෙන්
Deleteඑනමුත් ගලා යා හැකි
ඇත්තටම සොඳුරු නිර්මාණයක්
ReplyDeleteස්තූතියි :)
Delete