Monday, February 10, 2014

කුරුසයක මා ඇණ ගසා විසි කරන්න



ඇණ ගසා මා  කුරුසයක
විසි කරන්න
ඈත ගැඹුරු මුහුදු පත්ලකට
සොයා ගත හැකි විය හැක
ඇතැම් විට
අලුත් අපූරු ලොවක් මට

කුසුම මුදු බව සලකන
ගසට තුඟු වනු ඉඩ දෙන
සිනිඳු නොකිළිටි දරු පෙම
බැලු බැලූ තැන හමු වෙන
විසි කරනු මැන මා
අර ඈත මුහුදට

Picture Courtesy - ownwallpapers.com/travel/santorini-greece

2 comments:

  1. එහෙව් ලොවක් මුහුදු පතුලක හරි ඇත්නම් ?

    ReplyDelete