අනේ මන්ද කුඩෙත් වැටුණ මහ වැස්සයි නගරය
චිරි චිරි ගා වතුර ගලයි තෙමලා මගෙ දෙපයම
මෝඩ අස්පයෝ මොකටද බලන් ඉන්නෙ ඔතැන ම
එන්න යන්න හිස තෙමිලා පීනස එයි නිතර ම
අනේ මන්ද බඩුත් වැඩියි මොනවද ගත්තේ දාහට
යෝදියෙ මට තේරෙන් නෑ කී දවසක් කත ඇහැකිද
කළුවර එනවා හොඳටම කුඩෙත් නණේ කැඩිල නේද
කෝච්චියේ එල්ලුනොතින් බනිසක් ගත හැකි ළමයට
Picture - Elena Bond, 1965, Russian
කෝච්චියේ එල්ලුනොතින් බනිසක් ගත හැකි ළමයට
ReplyDeleteඒ කොහොමද?
බස් ගාස්තුවලට වඩා කෝච්චි ටිකට් එකේ ගාන අඩුයිනෙ.. :)
Delete