Sunday, February 16, 2014

බලු ස්ටාර්

මා වටපිට සිදු වන දෑ ඉතා අමිහිරිය. හෘද සාක්ෂිය පාවා දෙන සුලු ය. අධ්‍යාත්මයේ යම් කිසි තැනක් රිදවන සුලු ය.

ඔන්න ස්ටාර් තරගයක් ය.
ඔෆීසියේ සිම්පත් විශාල ප්‍රමාණයක් ය. එක් තරගකරුවෙකුට මනාපය සටහන් කොට එක් අයෙකුගෙන් ඇස් ඇම් ඇස් 75ක් යවන්නට ඉහළ කළමනාකාරිත්වයේ නියෝගයකි.
නිවාඩු දවස ය. කට්ටිය SMS ටිකක් යවා ඇතත් කියූ ගණන් යවා නැත.

ලොක්කාට තද වෙලා ය. කට්ටියට එසේ කිරීමට නොහැකි වූ හේතු දක්වා ලිපි එවන්නට යැයි දැන් නියෝග කර ඇත.

හොඳ වෙලාවට මට ඔය කියන SMS යවන්නට කියා කීවේ නැත. මට කිව්වා නම්, යවන්නේත් නැත.


මට හිතෙන්නේ ම මෙතැනින් අස්වෙලා යන්නට ම ය. එහෙත් ඒ අස්වීමත් සමඟ එසේ නම් මා වටහා ගත යුත්තේ මා වැන්නියකට සේවය කළ හැකි කිසිදු තැනක් මේ ලංකාවේ නම් නැති විය හැකි බව ය.

දක්සයන්ට කෙළවා සල්ලි බලයට කරන මේ නොපනත්කම් කෙසේ නිහඬ ව දරා ගනිම්ද?

7 comments:

  1. බලුස්ටාර් ගැන මාත් ලියල තියෙනවතතත හැබැයි අභ්‍යන්තර වැඩ ගැන... හැකි නම් ඇවිත් බලන්න...
    සල්ලි තියේ නං උන් ඕන වැඩක් කරයි.... සල්ලි නැති අපට උන්නෙ නොපනත් කං ඉවසන්න වෙලා
    http://awanhala.blogspot.com/2014/02/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. මා ඔබේ ලිපියත් කියවා බැලුවා. ඉතා ම අප්‍රසන්නයි මහේෂ්. ඉතින් මේවා නොදැක්කා නොදැනුනා වගේ ගහ කොළකට ඇළ දොළකට කවියක් දෙකක් ලියාගෙන ඉන්න මං කැමති ඒ නිසයි.

      ඉස්සර නිවේදිකාවක් වෙන්න කැමැත්තෙන් ශ්‍රී එෆ් එම් එකේ ලිඛිත පරීක්ෂණයකට මම ගියා. ඒ ප්‍රශ්න පත්‍රයේ අසභ්‍ය වචන දීලා ඒවාගෙන් වාක්‍ය හදන්න කියලයි ප්‍රශ්න දීල තිබුණේ. මම මුල්වරට මාධ්‍ය අමේධ්‍යය ගැන දැන ගත්තේ එදායි. ඒ ප්‍රශ්න පත්‍රය අරගෙන පිටතට දුවගෙන යන්න මට හිතුණා. ඒත් එහෙමම මං ගල් ගැහිල හිටිය.

      එදා එතැන හිටිය මිනිස්සුන්ගෙ නවකතා එහෙම අද මාර විදිහට මාකර්ට් කළත්, මම නිකමටවත් මගේ පොත් රාක්කෙට ඒ අශික්ෂිත පොත් ගෙනත් දාගන්න නොහිතන්නේ ඒ මතකය නිසාමයි.

      බොහෝ මිනිසුන් නොයන හුදෙකලා, ජනප්‍රිය නැති පාරක ඇවිද යාම ඊට වඩා හරි ම සැනසීමයි..

      Delete
    2. //බොහෝ මිනිසුන් නොයන හුදෙකලා, ජනප්‍රිය නැති පාරක ඇවිද යාම ඊට වඩා හරිම සැනසීමයි..// ඔන්න ඔය කියන ස්ථාවරයට තමයි මමත් ඇවිල්ලා ඉන්නේ ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් බලා ඉඳලා බැරි තැන. සමහර රස්සාවලදී රැස්වීමක් මැදදී මගේ විරෝධය කැ ගහලා කියල රස්සාව දාල ආපු වෙලාවලුත් තියෙනවා.

      Delete
  2. ඒක ඇත්ත.මිනිස්සු ජනප්‍රියත්වය හඹාගෙන යන මේ ගමන කොතනකින් නතර වෙයිද කියල කියන්න බෑ. තවත් කී දාහක් නම් කෝකිලාවන් මෙවන් දේවල්වලට ගොදුරු වෙනවද. කාට නම් කියත හැකිද. එස්එම්එස් කතාන්දරේ හැම ආයතනයකම තියෙනවා.කදු නමුත් ඇතැම් ආයතනවල ඉන්න අයට ඒව කියාගන්න බැරුවයි ලත වෙන්නෙ.ඒත් කරුමෙ කියන්නෙ බඩුයි නඩුයි දෙකම හාමුදුරුවන්ගේය

    ReplyDelete
  3. පුළුවන් නම් ඒ නිදහසට හේතු විමසලා එවපු ලියුමක් තියේ නම් මාධ්‍යවලට එවන්න.මේකට හරි කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලිඛිත ලිපි දෙන්න ඒ අය එච්චර ම මෝඩ නෑ :)

      Delete
    2. මෙවැනි සිදුවීම්වලදී සේවාදායකයින් සම්පූර්ණයෙන් / අර්ධ වශයෙන් වින්දිතයන්. යටත් පිරිසෙයින්, ඔවුන් දන්නෙ නෑ තමන් SMS යවන්නේ කා වෙනුවෙන්ද කියල..

      Delete