Thursday, February 6, 2014

මං හිතන්නේ තව ම මං ආදරෙයි කියා



මා කිසි දිනෙක දැක නැති
නගර මංමාවත්
ඔබේ පින්තූර පසුබිම ඇඳෙයි
එහෙත් මට නොසිතෙයි
ඔබ මොනතරං ඈතදැයි

දිය ඇලින් පිරි නිම්නයක
රොබරෝසියා පාරක
කවුළුවෙන් පැන නැඟුණු
කුඩා එළි තිත් දෙස
නිදි නොලැබ බලා උන්
දිගු රාත්‍රීන්ට වඩා
ඔබ මෑතදැයි මට හිතෙයි

වෙවුලුම් අතින්
හිම මිදුණු රිසිවරය අමතා
ඔබට නොතේරෙන වචන
කියූ හැටි සිහිවෙයි
මුහුණ රතු වෙනවා තමයි
ඔබෙ බැනුම් මට
සිහි නොවන්නේ නොවෙයි
ඒත් කිසිදාක නොමියෙන
සිනහවක් හිත මත තියෙයි
මං හිතන්නේ තව ම මම
ආදරෙයි

Photo courtesy - arturjakutsevich.com

No comments:

Post a Comment