Friday, February 7, 2014

සොයා දෙනු මැන සොරා ගත් හද



අග මුල නොදැන
කෙලෙස කිකල
ඔසු සොයා දෙමුද ලලන
මඟ ලකුණු බලා
කම්මුලට පහරක් ගැසිය යුතු වෙද
කණ් තල මිරිකා හැරිය යුතු වෙද

පාවට්ටා බැඳිය යුතු වෙද කොහොඹ පෙවිය යුතු වෙද
ඒ සියල්ලට වඩා ආදරය තිත්ත යැයි කෑ ගසන්නේ මන්ද
ස්වීට් දොස්තර සොයා සිර කළ යුතුද ගෙල
සීගිරි වළං ගෙන පිට පිට බිඳ දැමිය යුතු වෙද

මුගලන් වෙර බැඳි ලෙද කසුප්
තූ තූ කර දැමුවෙද හද මිණි මෙවුල
'අහෝ මණිමේඛලාවෙනි මට
සොයා දෙනු මැන
ඔහු සොරා ගත් හද'

Picture - VALERY KOT_

2 comments: