Sunday, February 8, 2015

රඟන්නේ ඒ සුළඟය



අම්මා දැන් තනිවම
කුමක් කරනවා ඇතිද කඳු උර
දෝණියට කවි කරගන්න බැරි වුණු
කදෝකිමියක දුක අසනවාවත්ද
තනිවම කතා කරනවා ඇතිද
පල්ලම් බසින සඳෙළියට
දොළක දිය අසනවා ඇතිද
අසල වෙල් යාය මත විසිරෙන
ලිප නිවා එන කලෙක ගෙතුළට
සුළඟක් එවනවා ඇතිද කොළඹට
මා වටා කඳුකර මල් සුවඳ අරගෙන
රඟන්නේ ඒ සුළඟය

Picture - Frederick Hendrik Kaemmerer (1839-1902)

5 comments:

  1. දුවනියකෙග් පාපොච්චාරණයක්

    ReplyDelete
  2. ගුළිගැහෙන යලි යලිදු විසිරෙන,
    මිහිදුමින සැදි සළු මෑත්කොට,
    සඳවතිය මුහුණතෙහි ලියනෙමි,
    ඔබ දකිනුවස් හනික එන්නෙමි.

    ReplyDelete
  3. Replies
    1. ඔයාගේ කවිය හරිම ලස්සනයි. මට නමින් comments දාන්න බැහැ.. අදාළ තැනට එනකොට ඉබේම sign out වෙනවා.. ඔව්, ඔයාගෙ කවිය හරිම ලස්සනයි.. ශෝකීයි..

      පුතෙකුගේ වෙන්වීම ගැන රන්සිරිමල් ප්‍රනාන්දු මහත්මයා රචනා කර මානෙල් ප්‍රනාන්දු මහත්මිය ගායනා කරන සින්දුවක් තියෙනවා.. ඒකත් හොයාගෙන අහන්නකෝ..

      අත් හැරීම තමයි හැමදේම මිහිරි සැනසීම

      Delete
    2. ස්තුතියි.

      ඇනෝනිමස් විදියට කොමෙන්ටු දාන්න පුළුවන්. ( නමින් ලොග් නොවී) කැමති දෙයක් කියන්න. ඒ ශෝකය මගේ හිතේ ගොඩක් කාලයක් දෝංකාර දෙයි. පුතෙක් කියන්නේ රූස්ස ගහක්, දුවක් කියන්නේ පහනක්. ඒ දෙකම එක වගේ නැතිවුණු දාට....

      Delete