
හද මස් පිඬු පෙරළ පෙරළ
දුක් ගින්නෙන් ළතැව ළතැව
දහසක් කවි විසිවෙන්නේ
එහෙවු දුක් දරා ලියැවෙන
කවි සුළකුරු
නොවේය ඒ මටමැ අයිති
ඔබගෙත් කවි ඒ වන්නේ
කියවන කල ඔබ හද මත
සෝ ළතැවුල් ඇතිවන්නෙද
දුකින් උපැද වූ කිසියම්
පොරොත්තුවක් දළුලන්නෙද
ඒ කවි නෑ මටමැ අයිති
ඔබගෙත් කවි
කළුවර ගන තනිකම පිරි
රාත්රියක හුදෙකලාව
කියවන විට ඔබ ලියු කවි
ඔබ නිල ඇස් දිදුලන්නෙද
ඒ හද මත ලියැවෙන කවි
නොවේයැ ඒ මටමැ අයිති
ඔබගෙත් කවි
Picture - Karen Hollingsworth, from Atlanta, Georgia
අගනා පැදි පෙළක්
ReplyDeleteආධුනික කවියෙකු වන මට මෙම කවිවලින් උගත හැකි දේ බොහෝය
ජය!
විඳීමෙන් උගත හැකි දේ බොහෝය. ජීවිතය වුව එසේය.
Deleteඅරුත සැබවි නම්
ReplyDeleteමෙය මගෙත් කවියකි..
මා මිය ගිය පසු දවසක
ReplyDeleteරැගෙන නොයමි එක කවියක
මිය ගිය පසු එම ලෙස නම්
ඉන් පෙර කිම කිසි වෙනසක
සුසුමින් සුසුමට
සුවඳින් සුවඳට
අකුරින් අකුරට
පුද දෙමි ඔබ හට
නියමයි...
Delete