මල් පිපිලා..ආ..ආ...ආ...
හිම මල් පිපිලා...
සීත සෘතුවේ හඳුනන දවසක
අළු පාටින් සඟවා වන්* මතකය
මල් පිපිලා
අත අත හළ තැන
'ඟිලි ගිලිහුණු තැන
ස්ථම්භක මවලා
හිත ගිනි ගත් තැන
ගිනි කන්දත් නිවිලා
ඔබ ගිය මාවත
හිම යායෙන් වැහිලා
සඟවයි මිහි මත
සැඟවුණු කඳුළක
නොමැකී යන සේයා
Picture - by Carrex
Source - http://carrex.deviantart.com/art/snow-storm-breaks-loneliness-170884530
ඒ ගිය මාවත හිම යායෙන් වැසුනාම දැනෙන්නේ......හිමෙන් ඇතිවුන සීතල නෙමෙයි......හදවත පතුලේ බුර බුරා ඇවිලෙන ගින්නේ රස්නයයි.....ඒක හරිම අමරුයි...අර සීතලට වඩා.....
ReplyDelete