Thursday, December 5, 2013

පද බැන්ද හිත මෙන්න!



මධු බඳුන ගෙන එන්න
කඳු මුදුන නැඟ ගන්න
සඳු මිදුණ නිල ගගන
හාදු දී සනසන්න

පද බැන්ද හිත මෙන්න
කවියකින් කියවන්න
අඩ අඳුර සඳ එළිය
තෙලිතුඩට අමුණන්න

පින්තූරය - මගේ කුටියේ කවුළුවෙන් එපිට

No comments:

Post a Comment