
ගිරග ඇමිණුණු ළසඳ
බිඳෙන් බිඳ මතු වෙනා
නිශා යම සීතලෙන්
සොඳුරු කවි අමුණනා
තිමිර පටලෙක සැඟව
බිඳි සිතින් වැළපෙනා
කුරවි ගී මැකී යයි
සිලිලාර සුළඟිනා
ගිරිශිඛර මත මැවෙන
මතක සම්භාවනා
බිඳ දමයි බිඳි හඬින්
බිඳුණු හද ගායනා
තැනිතලා මත ඇමිණ
ළය හොවා වැළපෙනා
මතක පිනි බිඳ මැවෙයි
දේදුන්න රස මනා
නුඹ හොවා මුදු ලෙසින්
බිමෙනි කටුසර මුදා
සතපවමි පුළුන් පෙඳ
හදෙහි සිප සනසවා
Picture - 'Brokeback Mountain' Movie
ඔය දැරිවි පුළුවන් නං ලියනව බලන්න ගේය පද රචනයක්.. මම තනුව දාන්න...
ReplyDeleteමෙ වර සංගීතඥයෙක් වී ඇති හැඩයි..
Deleteකඳු ගී ලේබලය බලා ඕනෑ තරමක් ගේය පද රචනා තෝරාගන්න. :)
http://amaleymunasinghe.blogspot.com/search/label/%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%20%E0%B6%9C%E0%B7%93
ඒක දැක්කෙම නැහැ නෙව.. හරි හරි.. බලන්නං තැන්කුයි
Delete