
උදය ම නැගිට
තනි ව ම පොල් ගා මිරිකා
එළවලු කපා සහල් සෝදා
තුන පහ මිරිස් දමා
ලිප් දෙකක උයා
බත් බැඳ ගෙදොර අමැදා
ඇඳුම් මැද සාරි පොට තබා ළමැදා
මිදුලට බැස්ස කල්
හැමතැන ම වතුසුදු මල්
වැතිර තම හිස් පත 'ග රඳවා
ඉදල...
ඉදල දෙස බලන්නෙමි
හවසට කල් දමන්නෙමි
ගේට්ටුව වසන්නෙමි
සැණින් ඉගිලෙන්නෙමි
176
කළුවරට පැමිණෙමි
වීථි ලාම්පු එළිය වැටේ මිදුලට ද
අතු ගාමි අසිහියෙන් සියල්ලට පෙර
වතුර දමමි ගස් කොළන් තණ පිට්ටනි මතට
මට නොපෙනේ මල්
ඇරත් කෝ ගල්
පිට රිදුම් උරා බොන්නට මඳ පවන් රැල්
Picture - Paul NILADRI _
කදිමයි.
ReplyDeleteThank you..
Delete