
උද්‍යාන හාදුවක ඇලවෙමි
මධ්‍යාහ්නය ගෙවෙන නොදනිමි
නිද්‍රාවකින් සෙමින් පිබිදෙමි
සන්ධ්‍යාවෙ සඳ තරු ද සිප ගමි
තුරුපතක ඇකිළුමක ගුලි වෙමි
හිම පතන ඇති බිමක නවතිමි
මම් පියෝනී මලක පෙම වෙමි
සම්භාව්‍ය ගීතයක් මුමුණමි
'තණ පලස පිනි තුහින ගාවා
සමනල්ලු පියාපත් බෑවා
එය දැකපු සුදු ම සුදු හාවා
කන් දෙකින් සඳට ඉඟි පෑවා'
සම්භාව්‍ය ගීතයක් නොවේ එය
හිනා වෙන විටදි ඔබ උඩ පැන
පද නොපද සපද කොඳ විසි කර
මිහිරි රහසකි ලවන ගුලි වෙන
Picture - Anna Razumovskaya, Russian
No comments:
Post a Comment