
තවමත් පමා නැත
පලා යන්නට කිසි ලෙස
එහෙත් ඔබ දෙඅතෙහි තරම්
රැකවරණයක් කොහි වෙද
සසර ම බයයි
කිසිවෙකුට කිසිදු රැකවරණ නොවෙයි
කොයි මොහොතක වුවත්
තුර හල පතක් මෙන්
ගිලිහ යා හැකි යි
අත් හරිමි ඔලොගු මම
ඇවිද යමි මිරිවැඩි නොමැති දෙපයින්
සිදුහත් ලෙද එළඹ කුටියට
ඔබ නිදන 'යුරු බලමි
බිළිඳෙකු නොමැති වුව ඔබේ ඇකයෙහි
බිළිඳෙකුගෙ මුහුණකි ඔබේ මුහුණෙහි
පලා නොයමි, නැවතෙමි
නළල මත හාදුවක් තබමි
Picture - Tomasz Alen Kopera _Surrealista
නො නැවතී ඉදිරියට යමු!
ReplyDeleteඒ වුණාට පලා යන්න හැදුවා නේද
ReplyDelete