අසරණ දරුවා,
පැමිණෙන්න
ධර්මයක් හිස තබා
පරඬැලක් වී වියැළ යන්නේ මන්ද
සියල්ල අත්දැකුමෙන්යැ
හිනැහී හඬා ලබන අවබෝධයෙන්යැ
විසි කරන්න අකුරු පොත් පත්
විමසන්න ගෙවෙන නිමේෂයන්
ආදරය බැඳුමකැයි
ඉවත නොලූයෙමු
බුදු වූ භවයෙහිද බුදු වරු ඇතැම්
නොපැටලෙන්න වැටකෙයියා ගාලවල
නොදුවන්න
ඇවිද යන්න
පණ ලද පමණ සෙමින්
Picture - onlyhdwallpapers.com
ආදරය මිනිසා දුර්වලයෙකු කරයි
ReplyDeleteඑය තම තමාගේ භාවිතය අනුවය. ආදරය මිනිසා ශක්තිමත් නොකරයි කියා ඔබ සිතන්නෙහිද?
Delete