
මල් නොපිපෙන තුරු ගොමු මත
හාදු බෙදා දෙන
ආල වඩන පාළු අරණ
කොහේද සකිසඳ
සඳ නොමිදෙන වලා ගගන
කිරි සයුරෙන් පැන
රන් කැටි මුව සිනා සිඹින
සකිසඳ කොයිබද
හිත බිඳලන හීන අරන් ඈතට ගිය සඳ
නැවත එන්න බැරි තරමට මුදු පිය සිඳුණිද
ගඟ ගලලා වැහි වැහැලා අඳුරැලි කඳු මත
හිත බිඳලා හිත ගෙන ගිය සකිසඳ කොයිබද
Picture Source - www.tumblr18.com/images/sad/page/9/
දුකක් එක්ක ලියපු කවියක්. ඇත්තට ම ලස්සනයි.........
ReplyDeleteසින්දුවකට කියාපු පදවැලක්.
ReplyDeleteස්තූතියි..
Delete