Thursday, January 2, 2014

ළදුනේ



විස පිරුණු අසපුවක
ඔසු සොයන ළදුනේ
සැප පිරුණු මතු මහල
මුනින් නැත රැඳුණේ

තුඩින් තුඩ තබලා
ගයන ගී අසලා
ඔවුන් ගොස් වනේ වන
මල් සොයා ඇදිලා

දොළින් දොළ වැයෙනා
සුරල් හඬ දැනිලා
බඳුන් මත බිඳෙන් බිඳ
මිහිර යයි පිරිලා

Picture - Walter Girotto

2 comments:

  1. සුභ නව වසරක් වේවා!! ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ප්‍රීතිමත් නව වසරක් උදාවේවා!!!!

      Delete