
- පුවතක්
ඇදගෙන යයි අම්මා
බැඳ දමා ඇත ඇගේ අත්
කළු බඩ තඩි මිනිසුන්
මුර කරයි යනු නොදී ඇය වෙත
අම්මා අම්මා
දිව රෑ මියුරු කතන්දර කී අම්මා
බත් කැඳ හෝ මවා
මා දිවග තැබු සුපෙම්මා
සඳ පායලා රැය රන් තැටි
තිබේ ඒ මත ඔබ පෙවූ කිරි
බඩගිනි වුණත් මම
දිගු කරන් නෑ අත අම්මා
අම්මා එන්න අම්මා
මා ළඟට ගන්න අම්මා
මගේ කුඩා දත්වලින් සපා
දම් වැල් බිඳ දමන්නද අම්මා
Picture Source - vincentmars.com
දෙමාපියන්ගෙ වරද නිසා කොච්චර දරුවන් අනාත වෙනවද??
ReplyDeletehm..
Deleteමගේ දෑසට කඳුළු ඉනුවා සත්තයි !
ReplyDeleteපොඩි එකාගේ සීතල කඳුළුවල හිත ගිලී ගියා
ReplyDeleteකඳු, මෙය හොඳදැයි බලන්න.
ReplyDeleteA child, being prevented from talking to his mother who is taken away hand-cuffed in the court premises, cries aloud. – a news item
My mother is being dragged away
Her hands are but cuffed
Dark skinned, fat guards
Prevent me from going to her
O mother, my dear mother!
Who told me sweet tales day and night,
Who fed me with rice and porridge
Cooked with great love
Shines the moon in the sky like a plate of gold
Filled with breast milk that you fed
However hungry I may be O mother
I never will beg for that milk
O mother, my dear mother!
Come unto me, unto me
Shall I sever those chains
Biting with my milky teeth?
I really don't know to comment. Thank you very much.
Deleteකවියා සතු නිදහස ම පරිවර්තනයේදීත් තිබිය යුතු කියා මා විශ්වාස කරනවා.. ඒ නිසාමයි මං කියන්නේ එය අසීරු සහ උත්කෘෂ්ට කාර්යයක් කියා.. අපේ දේවල් වෙනත් භාෂාවන්ට පරිවර්තනය වෙනවාට මම ඉතා කැමතියි. නිදසුනක් විදිහට 'මඩොල්දූව' ඈත රටවල මිනිසුන් විසින් විඳ දක්වන ප්රතිචාර කියවූ විට දැනෙන්නේ අතිශය සතුටක්.
(*fat -bellied guards වගේ වුණොත් කොහොමද? 'බඩ තඩි' කියන එකින් මා යමක් අදහස් කරනවා.)
අල්ප දැනුමකින් මට නිකමට හිති දේ කීවාට සමාවන්න. ඔබේ පරිවර්තනය කියවීම ම හරි සතුටක්.. බොහොම ස්තූතියි..
It's really nice..
DeleteHere we go Amaley:
DeleteA child, being prevented from talking to his mother who is taken away hand-cuffed in the court premises, cries aloud. – a news item
My mother is being dragged away
Her hands are but cuffed
Dark skinned, fat-bellied guards
Prevent me from going to her
O mother, my dear mother!
Who told me sweet tales day and night,
Who fed me with rice and porridge
Cooked with great love
Shines the moon in the sky like a plate of gold
Filled with breast milk that you fed
However hungry I may be O mother
I never will beg for that milk
O mother, my dear mother!
Take me unto thee
Shall I sever those chains
Biting with my milky teeth?
Thank you very much.. Your valuable time!!
Delete