
හිත නොරිදෙනා තෙක්
බිඳෙන් බිඳ එළිය දැකුමට
හිත රිදෙන සියුම් පිපුරුම් අවැසි
ඔබ හිතුවාද එසේ නොවේ කියා
එසේ නම් විය හැකි ඔබේ සිත
පිපුරුම් ඇති කරන සුලු වස්තුවක්
විසල් පිපුරුමෙන් පිරි
ගිනි ජාලා සහ දුම් වළලු ඇති
ශ්වසන අපහසු ව ඇස් ඇරුම නොහැකි
Picture - Jeanie Tomanek, American
අඬන්නට වෙර දරන කඳුලක් නෙතු අභියසද මන්දා.
ReplyDelete