දුමෙන් වැසීලා අටුව ම බණ්ඩී
කවුරුද අස්වැන්නට ගිනි තිබ්බේ
කවුරුද අස්වැන්නට ගිනි තිබ්බේ
කවුරුද අස්වැන්නට ගිනි තිබ්බේ
හඬන්නෙපා දැන් මගෙ හිත අවුලා
අපේ කඳුළු මදි එ ගිනි නිවෙන්නට
කන්නක දුක් ගිනි පිස දා ලන්නට
සමුදුරු බඳුනක කඳුළක් ඕනැය
පස පෙරළා අපි අලුතින් කුඹුරක
අලුත් හදවතක් පෙරළා ඉසිමූ
වැසි පලවා ඉරි තැලෙනා පොළොවට
ඇළ පාරක් වී හෙමිහිට ගලමූ
Picture - Victor Gabriel Gilbert, French, 1847 - 1933
නව වසර, දිරියෙන් ජය ගන්නට ශක්තියක් වේවා.. !
ReplyDeleteස්තූතී සෑම්.. :)
Deleteහරිම කණගාටුදායක ආරංචියක්... අම්ම ගැන ලොකු දුකක් දැණුනා...
ReplyDeleteඅස්වැන්නකට ගිනි තැබීම කොයි තරම් පාපයක්ද? මේ හැමදේටම ධෛර්යයෙන් මුහුණ දෙන්න හැකි වසරක් වේවා... කියලයි මම ප්රාර්ථනා කරන්නෙ...
ස්තූතියි.. ඒක ඇත්තට ම කනගාටුදායක වෙන්නේ, ඒක කළ කෙනාටම තමයි.. ගේත් කොටසක් පිච්චුණා.. පුංචි කාලයක් ඇතුළත. ඒත්, අපි දැක්කෙ නෑ, කවුද කළේ කියලා..
Deleteකළ කෙනාගේ හිත දන්නවා ඇති.