
කැලෑ කෙල්ලක් මං
වන අතු රිකිලි ඉඳන් මල් පල මුල් දන්නා
ගල් තලාවක් මත වැටී හිතු හිතු මුමුණන්නා
නෑ මේ කැලෑවේ මා ගෙල සිඳින සතුන්
කණ් පුරා විහිදෙයි සකුණ වෙණ වැයුම්
මගේ හිතේ නෑ සුවඳ මිසක කිසිවක්
තාපයෙන් මිදී තුටුයි නොවෙද පැමිණුම්
ශ්‍යාම වර්ණ සොඳුරු ගණ වනයට මම්
Picture - denis-nunez-rodriguez
මම බොහොම පොඩි කාලේ තාත්තා ගෙනත් දුන් ඉංග්‍රීසි සුරංගනා පොතක සිට හමුවුණු, මල් පෙති මකුළු දැල් නූලෙන් එකට තබා මැසූ දිගු ගවුම් හැඳි, පයින් කොළ ගොතා සැදී හිස් පලඳනා පැළඳි, රතු පාට බිංදු හතු පොඩිත්තක් මත නිදන, පුංචි ලිය කිඳුරියක් මැවුණා කියවද්දී මෙය.... :)
ReplyDeleteමගේ ගෙදර දෙපැත්තකින් වෙල් යායකින් වට වෙලා තියෙන්නේ.. එක පැත්තක් කැලෑව.. අනෙක් පැත්තෙන් ඔය.. මගේ කාමරේ කවුළුවෙන් පෙනෙන්නේ නිල් පාට කඳු මුදුන්.. කඳු ඇරඹුමකයි අපි ඉන්නේ.. ලෝකයෙන්, සොබා දහමෙන් මීට වඩා කෙනෙකුට ලැබෙන්න ඕන මොනවද කියල මට හිතාගන්නවත් බෑ..
Deleteඒ වනාන්තර මැදින් අපි දිව ගියේ පුංචි යක් කෙල්ලන් වගේ..
ඇත්තටම වාසනාවක් එහෙම ළමා වියක් ලැබෙන එක!
Deleteමම සිහින මැව්වා එහෙම කඳු, වෙල් යායවල් ගැන...
ඒත් ගෙන්දගම් පොළව මයි හිටියේ මගේ තනි නොතනියට...
කාලයක් මට ඕනේ උණා රෝස දුම් රොටු නැගෙන මිටියාවතක් පෙනෙන
කන්දක් උඩ තියෙන ඔෆීසියක වැඩ කරන්න!
මං තවමත් හොයනවා ඒ රස්සාව..!
DeleteApe paththeth awith yanna http://slnawakatha.blogspot.com
ReplyDelete:) heki welawaka
Delete