Thursday, January 2, 2014

වයන්නයි හදන්නේ වියෝලේ


ආ මහත්වරුනේ
මං වයන්නයි හදන්නේ නද වියෝලේ
ගයමුද කට්ටිය මා එක්කලා

හිතුවද ගැහැනිය පෑගෙන්නේ
ගසකින් බිම වැටුණු පතක් වාගෙයි
වැරදියි වැරදියි
ගලක අපුල්ලන පෑ හැරි රෙදි කඩ වාගෙයි
පෑ හැරි රෙදි කඩ වාගෙයි ඕ ඕ..
කෝ කවුරුද දන්නේ
ඈ ලුණු මිරිසෙයි ඉන්නේ
බත ද හපන්නේ
නෑ ඒ දුකය බුදින්නේ

හිරමනයක කැරකෙන පොල් බෑයක් වාගේ
මිරිස් ගලක ඇඹරෙන රතු මිරිසක් වාගේ
වංගෙඩියක කෙටෙනවා බ්ලෙන්ඩරයක එතෙනවා
කෝ කවුරුද දුටුවේ ඕ ඕ
හරිම රහයි මාළු ඇඹුල් තියලේ
ඉස්සො 'මැස්සො කොස්සො බැඳුම ආලේ
ඔබේ බිරිඳ උයන්නමයි උපන්නේ
හරි ජාතී හරි කාරී ඕ ඕ
තැලෙන පෙළෙන එකම උනත් කාටද ආඩම්බරේ

සාරිය ගන්නේ බත් මුල් හතක් බඳින්නේ
මාලය ගන්නේ ගෙල ඉන් සිර කර ගන්නේ
අඩි උස වහනුයි කකුලට රිදුමක් වන්නේ
මෙහෙම නොඇඳ කොහොමද මං ඔෆිස් දුවන්නේ
කළුවර එන්නේ ගෙදරට දුවගෙන එන්නේ
අමතක වූ තෑගි බෝග නොතකා ඉන්නේ
ගෙදරට වී උන්නු අයට තේත් හදන්නේ

මේ නද වියෝලේ
මේ නද වියෝලේ
අලංකාර තාල ගේන වියෝලේ
රවිකිඤ්ඤාවක් මොකටද පුපුරවන්නේ රතිඤ්ඤා
ගයමු ගයමු මාත් එක්ක මහත්වරු..

ඕ ඕ..

Picture - Remi Labarre

3 comments: