Thursday, January 2, 2014

2013 - මගේ ප්‍රියතම

2013 - මා වඩාත් රසවත් කළ ලේඛකයා - මාර්ටින් වික්‍රමසිංහ

'මඩොල්දූව' දෙවැනි වරට කියවීමි. ඒ වන විට මට එහි තිබූ දෑ අමතක ව තිබිණි. පල් හොරු සෙල්ලමෙන් පටන් ගෙන වැදි සන්නියට එන කොට සිනාව වැඩි වී දරුණු කැස්සක් ඇති වී තිබිණි. ළමා මනස මෙතරම් විචිත්‍ර ලෙසත් ස්වභාවික ලෙසත් දැක් වූ මේ මිනිසාට මා ස්තූති නොකර කොහොමද?

ඔහුගේ 'අපේ ගම' පොතේ වැඩි හරියක් මා කියෙව්වේ දුම්රියේ ගමන් ගනිමිනි. ඔහු සිතූ පැතූ විදිහ, තමා දෙසට ම පෑ උපහාසාත්මක බැල්ම මා මහත් ළබැඳියාවකින් වසා ගත්තේ ය. මම ඔහු සමඟ වන ගුල් වල සෙල්ලම් කළ අතර සඳ එළියෙහි නැහැවෙමින් දිය තලා මතු පිට ගමන් කළෙමි. ඔහු මගේ හොඳ ම මිතුරෙකු විය යුතු මිනිසෙකියි මම හඟිමි.

අප මිනිසුන් ඇසුරු කිරීමේදී ඔවුන්ගේ රැකියාවන්වත් හැකියාවන්වත් උගත් බවවත් නූගත්බවවත් වෙනත් කිසියම් තත්ත්වයක්වත් බිහි කරන ලද නිර්මාණවත් වැදගත් නොවන බව මම දනිමි. කෙනෙකු අපේ මිතුරෙකු විය යුත්තේ හුදෙක් ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් අනුව ය. 'අපේ ගම' තුළින් මා කියෙව්වේ ඔහුගේ සිතුම් පැතුම් බව මම විශ්වාස කරමි.

අද ඇතැම් අගනා නිර්මාණ බිහි කළ මිනිසුන් සමඟ වදන් කිහිපයක් තෙපලීමෙන් ම ඔවුන්ගේ නිර්මාණ හැකියාවක් මිස හිතන පතන ආකාරය නොවන බව මොනවට පසක් වන ලොවක මම මාර්ටින් වික්‍රමසිංහයන්ට මගේ ගෞරවය මෙසේ පුද කරමි.

2013 - ප්‍රියතම කවියා - ඩෝසන් ප්‍රීති

කවිවලින් නැඟූ අපූර්වත්වය ඒකාකාරී බවින් මා මුදවන සුලු ය.

2013 - ප්‍රියතම බ්ලොගය - තිලක සිත

2013 - ප්‍රියතම චිත්‍ර ශිල්පියා - Vincent van Gogh, Hans Dieter
2013 - ප්‍රියතම චිත්‍ර ශිල්පිනිය - නම සිහිපත් නොවේ, ඇය අමුතු ම චිත්‍ර අඳින්නියක්.. අපූරු යි
                                    Emily Carr, Canadian, 1871 - 1945, පසු ව මතක් වුණා..
2013 - ප්‍රියතම නළුවා - Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes
2013 - ප්‍රියතම චිත්‍රපටිය - A River Runs Through It
2013 - මා කඳුළු වගුරක් කළ චිත්‍රපටිය - A Tale of Mari and Three Puppies
2013 - ප්‍රියතම  FB මිතුරිය - Jo-Anne, Hawaii
2013 - ප්‍රියතම ස්ථානය - දඹතැන්න, හපුතලේ

2013 - මගේ ආදරය - එඩ්වඩ් ස්නෝඩන්ට

ඔහු අභීත මිනිසෙක්.. බල ලෝභී සැබෑ දීනත්වයට පහර දුන් මිනිසෙක්

I love you Edward Joseph Snowden

2013 මගේ (_)ස්තූතිය - රජයට

සසරක ස්වභාවය පිළිබඳ මාගේ වැටහීම, අවබෝධය, දැරීම තවදුරටත් වර්ධනය කිරීම

3 comments:

  1. අවුරුද්දම ලගු කරලා ...

    ReplyDelete
  2. මෙයා හීං නූලෙන් බෙල්ල කපන්නත් දස්සයි වගේ

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට කාගෙ බෙල්ලද කැපුණේ?

      Delete