Monday, October 21, 2013

වෙනස් හැඩයක් ගත් හදවතක් : A different love



කාන්තාරයක වක ගැසුණු
සියුම් රේඛාවක් මෙන්
හදවත ම අලවමි
සුදු පාට අහස මත
වෙනස් හැඩයක් ගත් හදවතක්

ඒ අතර මතු වී
ශෝකාන්ත විලාසයෙන්
මට පෙනෙන්නෙ ම
ඉංග්‍රීසි නළුවෙකුගෙ ඇස් දෙකක්
උදා දිව රෑ හවස් වරු උමතු කර
මේ මොහොතෙහි පවා
ගන කළු සැදෑවක් උණුසුම් කර

ඉංග්‍රීසි අකුරු කටු ගාමින
ලියන්නට හිතෙන තරමට
උණුසුම් ය විකාර රූපී ය
බිඳේ යැයි සිතෙන තරමට
රන්වන් ය වීදුරු මුහුණ

එක නිහඬ බැල්මකින්
කඩා බිඳ සුණු විසුණු කර දමයි හදවත

Picture - 'The English Patient', Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes

5 comments:

  1. කවි අතරට කතාවකුත් ලියමු ද?

    ReplyDelete
    Replies
    1. මම ලෙඩින්
      කාර්ය බහුලත්වයේ ලෙඩින්
      අධික වෙහෙසක ලෙඩින්
      මොටද මට ගිගිරි :)

      කතා ලියන්න මට වෙලාවක් නෑ දිලිනි... මේ ලියවෙන කවි ඔක්කොම එක්කෝ කෝච්චි කවි නැත්තං මහ පාරේ කවි... විවේක බුද්ධියක් ලැබුණු දවසක...උත්සාහ කරන්නම්.. එහෙම නැතු ව ලියැවුණා ම ඒවා අගක් මුලක් ලස්සනක් නැති නිකං වචන ගොඩක් වෙනවා..

      Delete
    2. අනෙක් අතට මට ළමා කතා ලියන්නත් බෑ.. ඊට වඩා ගැඹුරු දේවල් කියන්න තියෙන නිසා.. වැඩිහිටි කතා ලියන්නත් බෑ.. ඒ කතා විසින් ඉල්ලා සිටින භාෂාව, සිද්ධීන්වලට අවංක වෙන්න මං කැමති නැති නිසා..

      ස්තූතියි යෝජනාවට,,

      Delete
  2. වෙනස් හැඩයක් ගත් කවක අපුරුව..

    ReplyDelete
    Replies
    1. වින්ඳ බව ප්‍රේමයෙන් "The English Patient"..

      Delete