"15. ඉසුරෙන් පිරිහුණත් - සුදන තම ගුණය අඩු නො කරත්
බිඳුනත් රන් බඳුන - ඇති බර අගය අඩු නොවන මෙනි"
ලෝකෝපකාරය
උඩු පෙළ යටි පෙළක් නම්
නොදැක්කෙමි මිතුරනේ
රන් කළයක් නම්
සොයා ගත්තෙමි පොත පෙරළා
පෙර නොවූ රසයක්
උපදනා රිසියෙම්
එහෙත් හැම හැඟුමක්
පෙර විඳූ අය වෙත්
සියවස් ගණන් දිවෙන ලොව
සදිසි කම් විය හැක
විඳින්නට මිස සොරා ගැන්මට
අඳ බාලයෙක් නො වුණෙම්
ඔබ නිසා මිතුරනේ
එ' රන් ගත විඳිමි මම්
යටි පෙළ සොයා හැකි නම්
අලවනු මැනවි මෙහි රන්
උමතු ව කියවනා දෙය වුව
කවියක් ව නැඟෙන විට
උපුටා දක්වන්ට අන් පෙළ
කාරණා නො වන්නේ
සුළඟට හැකි වුව ද
පහනෙව් නිවනු පිළිබඳ
ගොතන්නට රන් වැකි
මට නම් නො හැක කිසිවිට
අමරසිරි මැතිදා
ගයන ගී පබඳා
පෙන්වා අසා තිබුණා
ලීවේද මෙය බලා කවිඳා
සියලු කව් ලියා ඇති
බොහෝ අය පෙර දා
මා මගෙ යි කියා නො නැඟේ ය ම'හදා
මෙ'භව මරණෙන් පසු
මෙ'කවි කිළි කුණු පවා
මගේ නො ව සුහදේ
ඔබේ මැ යි නිසැකා
අමා බී එ' දැනා
දුකින් විරත ව වෙසෙමි සොඳිනා
Picture - Eileen Soper, English, 1905 - 1990
කවි ගොඩායි..
ReplyDelete