2013.10.28
රෙජිස්ටර් කෙරුමට ලියුමක් ය
තකහනියක සකස් කර
ලියුම් ගෙනියන අත මත තැබූ
හැකිතරම් විගසින්
වහ වහා අලවා අදාළ ඡායා ලේඛන සකසා හැකි ඉක්මනින් තැපැල් කර පැමිණීමට ඔෆීසියේ ලියුම් ගෙනියන අන්කල් අත තැබුවෙමි. පැය බාගයක් පමණ නුගේගොඩ තැපැල් කාර්යාලයේ පෝලිමේ සිටි ඔහු සීල් තැබීමෙන් අනතුරු ව බාර ගැනීමට බැරි යැයි කියූ ලියුම ද රැගෙන නැවත දිව ආයේ ය.
"ඇයි?" මම ඇසුවෙමි.
"මේකේ ලිපින ලියල තියෙනවා වැරදියි කිව්වා.. ආපහු මාව එව්වා.."
"අන්කල් හිතුවද මං පුරුදු වෙන්න ලියුම් යවනව කියලා" මම සිනාසෙමින් ඇසුවෙමි.
"ගන්න ම බෑ කිව්වා.. බලන්න, බලන්න වැරදිද කියලා"
"කෝ, දෙන්න බලන්න.."
සිනහව නවතා ගැනීම අපහසු ය. මා යා යුතු ලිපිනය ලියා තිබුණේ ලියුම් කවරයේ දකුණු පස ය. එහි තිබුණේ නුගේගොඩ ලිපිනයකි. මා හට ලිපිය යැවිය යුතු වූයේ නුගේගොඩ ලිපිනයකට ම ය. නැවත ලිපිනය ලෙස සටහන් කළේ හෝමාගම ප්රදේශයේ ලිපිනයකි. අදාළ ලිපිය හෝමාගම ශාඛාව මඟින් යැවීමට නියමිත ව තිබූ නිසා එසේ කිරීමට සිදු විය.
තැපැල් කන්තොරුවේ ලිපි භාරගන්නට සිටි කෙනා අන්කල්ට මෙසේ පවසා තිබුණි.
"මේ වැරදියි.. මේක මෙහෙම යැව්වොත්, නුගේගොඩට ම එයි.. මේක ගිහින් ආපහු හදාගෙන එන්න"
කාට නම් කියන්නද? මා නුගේගොඩදී ලියුමක් ලිව්වත්, හෝමාගමට ගොස් එහි තැපැල් කන්තෝරුවෙන් තැපැල් කළ යුතු යැයි මේ ගරු කටයුතු අය සිතන්නේද?.
තමන්ට දුන් ලියුම තැපැල් නොකර තම පාණ්ඩිත්යයත් පෙන්වන්නට යන්නේ කුමටදැයි මට නොදනී. ඒ මදිවාට, මා යා යුතු යැයි සිංහල බසින් දක්වා තිබූ ලිපිනය උඩින් "Fm"කියාත් මගේ ලිපිනය උඩින් "To" කියාත් ලියා ඇත.
Picture - desertrosebooks.com
නුගේගොට තැපැල් කන්තෝරුවද... හාපෝ.. කතා කරලා වැඩක් නෑ ඒක ගැන... මේ ලෝකෙ වැදගැම්මකට නැති කට්ටියක් ඉන්නෙ... ගිය මාසෙ ගියා ලියුමක් රෙජිස්ටර් කරන්න... මුන් එකෙක්වත් ආවෙ නෑ කවුන්ටරේට විනාඩි 20ක් විතර... ඔක්කොම අර අස්සකට වෙලා බයිලා ගහනව.. මුද්දර කවුන්ටරේ හිටපු වයසක මනුස්සයා විතරයි එතන වැඩකට ඇති මනුස්සයෙක්ට හිටියෙ... අඩු ගානේ එයා තමන්ගේ වැඩේ හරි ඉක්මණට කරලා දෙනවා.... අනිත් කවුන්ටර් ඔක්කොටම ඉන්නෙ එකම එක්කෙනයි....ඒකත් ලියුමක් දාන්න ආපු කෙනෙක් එක්ක හෙන කතාවක්.. 10ක් විතර බලං ඉන්නව රෙජිස්ටර් කරන තැනයි, පාර්සල් කිරන තැනයි... මෙයාලට කොච්චර අලුත් දේවල් හඳුන්වලා දුන්නත් වැඩක් නෑ වැඩ කරන්නෙ ඔහොම නං ඉතිං....
ReplyDeleteඔය වගේ පන්ඩිතයෝ හැම තැනම වගේ ඉන්නවා. සිංහලෙන් ලිව්ව නිසා ලංකාවේ ගනන් ගැනීමත් අඩුයිනේ. දන්නෑ කියලා නිකන්ම නිගමනය කරනවා..
ReplyDeleteඊ මෙන්න මෙයා කවි නැතුව කතාවකුත් ලියලා
ReplyDelete:D
Deleteසමහර විට උදවුවක් ලෙස කලා වෙන්න පුලුවන්.වැරදි නිගමනෙකට එන්න පුලුවන් තත්වයක් තිබුනනෙ
ReplyDeleteහය හතර
එහෙනම් ඔන්න අපිත් බැලුව හොදේ
ReplyDeleteහය හතර
මේක ලංකාව නේ ළමයෝ :)
ReplyDelete