
ප්‍රේමය තරම් සොඳුරු කවි කම්
ප්‍රේමය තරම් සොඳුරු කවි කම්
ඈත් කෙරුවත් හදවතින් උතුරා යන
සුවඳ දෙන මහරු මල් කම්
පැළඳුවෙද ගිරි හිසක මනරම්
නොමැකෙනා මුදු පෙම් දම්
කතර බිම වැටුණි මහා වැසි
සතර දෙස පිපුණි උදක පෙති
ගලා යන බැල්මක වෙළී ඔබෙ
පෙමක නර්තන මැවුණි නිති
ප්‍රේමය තරම් සොඳුරු කවිකම්
නුඹ ළයේ ගැස්මෙන් උදම්
ගීතයක් වී වහිනවා
නිම්න බඳ මල් ගෙනෙනවා
Picture - 'English Patient'
ඒ්ක නේ ප්‍රේමය ම බොහෝ නිර්මාණවලට විෂය වෙන්නේ.
ReplyDeletehm..
Deleteහ්ම්ම්ම් හරිම සුන්දර කවිකමක් තමයි
ReplyDelete