පියාවී ඈ දුර ගියා
කඳු මතින් වැහි වැගිරුණා
සියුම් කඳුළක් මතු වුණා
කටු ඇනී ඇමිණී ගියා
සුදු වලා එලවා දමා
හිරු දැහැන දැඩි වී ගියා
හද දොරට අගුලක් තියා
දේදුන්න දිය වී ගියා
ඈ ගියා
ඈ දුර ගියා
සුවඳ පෙති ඈතට ගියා
බිඳුණු මුදු සමනල් පියා
කටු මතෙහි ඇමිණී ගියා
Picture - Gary Korlin, American, Born 1956
පිනි බිඳක් වියැලී ගියා
ReplyDeleteළදල්ලක කවියක් තියා
ළදල්ලෙන් මතු හිම මලක් ඇත
Deleteමිහි මතෙහි රහසක් තියා
ලස්සනයි, ඒත් පියාවී කියන්නේ කුමක්ද?
ReplyDeleteප්‍රියාවී ම තමයි.
Deleteකවියේ හැටියටනම් සියුම් කඳුලක් නෙමේ මතු වෙලා තියෙන්නේ කෙල්ලේ.
ReplyDeleteහිත මහා ධාරාණිපාත වැස්සකට අසුවෙලා සැඩ ගංගාවක් වෙලා රළ නඟ නඟා හඬද්දී පිටතට ආ සියුම් කඳුළක්!
Delete