මලේ කෝ නුඹ
මලේ කෝ නුඹ
කෙළි දෙලූ වන ගං ඉවුරු වල
හඹා යන ගන වලාකුළු විත්
සඳේ සෙවණැලි ඇත බදා ගෙන
දුවන විට සමනලුන් පිටුපස
සිනා වෙන මල් උවම් නොතක ම
මලේ නුඹ අත අතැර යා යැයි
සිතුවෙ නෑ මේ වගේ
සිතුවෙ නෑ මේ වගේ
එක ම අහසක් යටින් කිව්වට
හිතා ගන්නත් බැරි ය නුඹ මට
මලේ කෝ නුඹ වැළඳගන්නට
සඳේ සාවට ගතු කියන්නට
පමා වූ දීගයක අණ විණ
බදා මවු මුව ගැටේ නිතරම
රුදා දෙන හද වග කියන්නට
පිලේ නුඹ තැන හිස් වෙලා ඇත
Picture - Adam Emory Albright, American, 1862 - 1957
හොඳ තනුවක් දාලා ගත්තොත් සිංදුවකට හොඳයි කියලා හිතුනා.
ReplyDelete