Thursday, October 17, 2013

ප්‍රේමය තරම් සොඳුරු කවිකම්


ප්‍රේමය තරම් සොඳුරු කවි කම්
ප්‍රේමය තරම් සොඳුරු කවි කම්
ප්‍රේමය තරම් සොඳුරු කවි කම්

ඈත් කෙරුවත් හදවතින් උතුරා යන
සුවඳ දෙන මහරු මල් කම්
පැළඳුවෙද ගිරි හිසක මනරම්
නොමැකෙනා මුදු පෙම් දම්

කතර බිම වැටුණි මහා වැසි
සතර දෙස පිපුණි උදක පෙති
ගලා යන බැල්මක වෙළී ඔබෙ
පෙමක නර්තන මැවුණි නිති

ප්‍රේමය තරම් සොඳුරු කවිකම්
නුඹ ළයේ ගැස්මෙන් උදම්
ගීතයක් වී වහිනවා
නිම්න බඳ මල් ගෙනෙනවා

Picture - 'English Patient'

3 comments:

  1. ඒ්ක නේ ප්‍රේමය ම බොහෝ නිර්මාණවලට විෂය වෙන්නේ.

    ReplyDelete
  2. හ්ම්ම්ම් හරිම සුන්දර කවිකමක් තමයි

    ReplyDelete