
කාන්තාරයක වක ගැසුණු
සියුම් රේඛාවක් මෙන්
හදවත ම අලවමි
සුදු පාට අහස මත
වෙනස් හැඩයක් ගත් හදවතක්
ඒ අතර මතු වී
ශෝකාන්ත විලාසයෙන්
මට පෙනෙන්නෙ ම
ඉංග්‍රීසි නළුවෙකුගෙ ඇස් දෙකක්
උදා දිව රෑ හවස් වරු උමතු කර
මේ මොහොතෙහි පවා
ගන කළු සැදෑවක් උණුසුම් කර
ඉංග්‍රීසි අකුරු කටු ගාමින
ලියන්නට හිතෙන තරමට
උණුසුම් ය විකාර රූපී ය
බිඳේ යැයි සිතෙන තරමට
රන්වන් ය වීදුරු මුහුණ
එක නිහඬ බැල්මකින්
කඩා බිඳ සුණු විසුණු කර දමයි හදවත
Picture - 'The English Patient', Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes
කවි අතරට කතාවකුත් ලියමු ද?
ReplyDeleteමම ලෙඩින්
Deleteකාර්ය බහුලත්වයේ ලෙඩින්
අධික වෙහෙසක ලෙඩින්
මොටද මට ගිගිරි :)
කතා ලියන්න මට වෙලාවක් නෑ දිලිනි... මේ ලියවෙන කවි ඔක්කොම එක්කෝ කෝච්චි කවි නැත්තං මහ පාරේ කවි... විවේක බුද්ධියක් ලැබුණු දවසක...උත්සාහ කරන්නම්.. එහෙම නැතු ව ලියැවුණා ම ඒවා අගක් මුලක් ලස්සනක් නැති නිකං වචන ගොඩක් වෙනවා..
අනෙක් අතට මට ළමා කතා ලියන්නත් බෑ.. ඊට වඩා ගැඹුරු දේවල් කියන්න තියෙන නිසා.. වැඩිහිටි කතා ලියන්නත් බෑ.. ඒ කතා විසින් ඉල්ලා සිටින භාෂාව, සිද්ධීන්වලට අවංක වෙන්න මං කැමති නැති නිසා..
Deleteස්තූතියි යෝජනාවට,,
වෙනස් හැඩයක් ගත් කවක අපුරුව..
ReplyDeleteවින්ඳ බව ප්‍රේමයෙන් "The English Patient"..
Delete