Wednesday, April 24, 2013

Diary 4/24/2013

දිගින් දිගට ම කවි ලියූ මා පසුගිය සතිය තුළ කවි ලියා නැත. මේ කවිදැයි නිවැරදි ව නොදන්නා බැවින් මා ලියනා දේවල් ලියා නැතැයි කිව හැක. එය මා මා දිවි ගෙවන දේශයේ අධම පාලනය හේතුවෙන් අසීමිත වරක් බැට කා හෙම්බත් ව ගිය පරිච්ඡේදයකි.
මට ඇතැම් පරාජයන් ඉදිරියේ අද ගෙදර යන්නේ කෙසේදැයි සිතුණි. මා යම් දිනක දිනනු ඇතැයි මගේ ගෙදර අය සිතා සිටි බැවිනි. හැඬීම ද එතරම් පහසු නැත. මඳක් දැස් තෙත් වන විට යම් කිසි අවබෝධයක් පැමිණ මා හට සරදම් කරයි. ඉතින් මම නැවත අරඹමි. අයහපාලනය විසින් අප මරා දැමිය හැකි'මුත් පරාජය කළ නොහැකි බව මට හැඟේ. ඔවුන් මා මරා දැමූ තැනින් නැවත අරඹමි. එය කිසිවෙකුගේ ගමනක් නොව මගේ ම ගමනකි.
කරන හැම දෙය ම වරදින්නේ මන්දැයි මා තවත් කල්පනා කළ යුතු නොවේ.

මා සිතනා මායාකාරී පරමාදර්ශී මිනිසුන් ඇතැම් විට මෙහි නොසිටිය හැක. සමහර විට ඔවුන් පොත්පිටු අතර පමණක් නිදනවා විය හැක කොර්චාගින්...
__________________________________________________________Diary 4/24/2013


No comments:

Post a Comment