Friday, April 5, 2013

ඉවාන් පවුලූෂාවනී


ගයා නිම කළ ගීතයක් වෙද
තනුව විසි කර ළතෙත හිම මත
හඬන පවුලූෂාවනී
ඉවාන් පවුලූෂාවනී

කඩා නටුවෙන ඔවුන් නුඹ හිත
වැයෙන වෙණ තත විසි කරන්නද
සුසුදු සීතල හාදුවක් ගෙන
මලක සුවඳක් මුව තියන්නද
දෙපස වී විරසක ව ඉන්නද
කඩදාසි සෙල්ලම කරන්නද
ඔබේ උර මත මුව තියන්නද
ඉවාන් පවුලූෂාවනී

නැඟී ඉහිරෙන රැළිති සර සර
වෙරළ කොණ සිට අසමු හෙමිහිට
ඉර ගිලෙන හැටි පෙමක දිය මත
දිලෙන දෑසින් කියා දෙනු මට
ජීවිතය කුසුමක සියුම් පෙති
විලස අරගෙන හද අත්ල මත
සිඹිමු හෙමිහිට නොබිඳෙනා ලෙස
ඉවාන් පවුලූෂාවනී

No comments:

Post a Comment